පුරන් වූ කුඹුරු වගා කිරීම සඳහා ත‍්‍රිවිධ හමුදාවට ලබාදීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව පුරන් වූ කුඹුරු වගා කටයුතු සඳහා යොදා නොගන්නේ නම් ගොවිජන සේවා පනතට යටත්ව ඒ සදහා ත‍්‍රිවිධ හමුදාව යෙදවීමට තිරණය කර ඇති බව ග‍්‍රාමීය කුඹුරු හා ආශ‍්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මාධ්‍ය වෙත පැවසීය.
මේ අතර මෙම වසරේ යල කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩසටහන යටතේ වී කිලෝවක් රුපියල් 50 ක සහතික මිලක් යටතේ මිලදී ගැනීමටයි නියමිතව ඇති බවද ඒ මහතා පැවසීය.
පළමු අදියර යටතේ මෙවර යල කන්නයේ වී අස්වැන්නෙන් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 2 ක් මිලදී ගැනීමට නියමිතය.