අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු යන මහත්වරුන් ඇප මත මුදාහරිමින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව ඇපෑලක් ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර තිබේ.
පාස්කු ඉරිදා ප්රහාරය වළක්වා නොගැනීම ඇතුළු චෝදනා යටතේ රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින තෙක් රිමාන්ඩ් භාරයට පත් කර තිබුණි.
ඔවුන්ට අද පෙරවරුවේ ඇප හිමිවිය.