පූජිත්-හේමසිරිට එරෙහි මහජන පෙත්සම් 12 විභාගයට ගන්න තීන්දු වෙයි

Picture of අසංක

අසංක

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව ගොනු කර ඇති මහජන පෙත්සම් 12 විභාගයට ගැනීමට අධිකරණය තීරණය කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිසුරු මඩුල්ල මේ බව අද තීරණය කර ඇත.

අප්‍රේල් 21 ප්‍රහාර වළක්වා නොගැනීමට එරෙහිව මෙම මහජන පෙත්සම් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.