නවතම පුවත්

පූර්ණ එන්නත්කරණයට ලක්වී නැත්නම්, පොදු ස්ථානවලට ඇතුළුවීම සීමා කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(දම්පත් රණසිංහ)

පූර්ණ එන්නත්කරණය රහිත කිසිදු පුද්ගලයෙකුට පොදු ස්ථානවලට ඇතුළුවීම එම ස්ථානවල ගැවසීම සීමා කරමින්  අතිවිශේෂ ගැසට් නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත්කර තිබේ.

අද උදෑසන එම ගැසට් නිවේදනය නිකුත්කර තිබෙන අතර අද සිටම නීතිය බලාත්මක වේ.

පූර්ණ එන්නත්කරණය සිදු කර ඇති බවට සාධක, කිසියම් අයෙකු පූර්ණ එන්නත්කරණයෙන් නිදහස් කළ හැකි ව්‍යතිරේඛ තත්ත්වයන් සහ එන්නත්කරණය ලබා ගැනීමට යෝග්‍ය වයස් කාණ්ඩ පිළිබඳව නිශ්චය කිරීම් මාර්ගෝපදේශයක් ලෙස හෝ චක්‍රලේඛයක් ලෙස නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙමගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.

මේ සම්බන්යෙන් මාධ්‍ය කල විමසීමකදී  අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, පොදු ස්ථාන, පූර්ණ එන්නත්කරණය, එන්නත්කරණය සිදු කළ යුතු වයස් කාණ්ඩ සහ එන්නත්කරණයෙන් නිදහස් කළ හැකි නිර්නායක ඉදිරියේදී නිකුත් කිරීමට පියවර ගන්නා බවය.

ගැසට් නිවේදනය පහත දැක්වේ –

2264-09_E_220205_091437

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්