පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින්ගෙන්, පී. සී. ආර් වාර්තා අවශ්‍ය නැහැ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මාර්තු 01 වනදා සිට විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින්ට පීසීආර් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි

. පූර්ණ එන්නත්කරණයට ලක්වී සති දෙකක් සම්පූර්ණ කළ පුද්ගලයින්ට එලෙස එම වාර්තා ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වුණේ.

වයස අවුරුදු 08 ට හෝ ඊට අඩු දරුවන් අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබා ගෙන ඇත්නම් ඔවුන්ද පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් සේ සලකනු ලැබේ .

කෙසේවෙතත් වයස අවුරුදු 12 හෝ ඊට වැඩි පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් මෙරට පැමිණීමේදී තවදුරටත් පැය 72 ක් තුළ ලබගත් පීසීආර් වාර්තා ඉදිරිපත් කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල වැඩිදුරටත් දැක්වුණේ.

මේ අතර මාර්තු පළවනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යන පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින් පීසීආර් පරීක්ෂණයකට පෙනී සිටීම අවශ්‍ය නොවන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය ඊයේ සඳහන් කළේ.