ශ්‍රී ලංකාවේ පුද්ගලික සුව සේවා අංශයේ ප්‍රථම ,”පෙනහළු හා හා නින්ද පිලිබඳ” ඒකකය නවලෝක රෝහලේ විවෘතව ඇත.
මෙම නව ඒකකය මගින් පපුවේ අසාධන , කැස්ස ඇදුම නිධන්ගතන පෙනහළු රෝග හුස්ම ගැනීමේ අපහසුතා , ශ්වසනාලිකා ප්‍රදාහය , අසාත්මිකතා පෙනහළු පිළිකා , නින්ද සම්භන්ධ අක්‍රමිකතා යන රෝගාබාධ සඳහා පුළුල් ප්‍රතිකාර කරනු ලැබේ.
එසේම පෙනහළු ක්‍රියාකාරීත්වය මන බැලීම , නිධාන්ගත කැස්ස සහිත රෝගීන් මෙන්ම හර්දය හා ධමනි ආශ්‍රිත රෝග පරික්ෂවන්ද මෙහිදී සිදුකෙරේ .
පෙනහළු හා නින්ද සම්භන්ධ රෝග තත්වයන් හඳුනාගැනීමට මෙන්ම ඒවාට ප්‍රතිකාර ගැනීමට මෙම ඒකකය හරහා ශ්‍රී ලාංකිකයින්ට මහඟු අවස්තාවක් උදාවී ඇති බව නවලෝක රෝහලේ ශ්වසන හා පෙනහළු රෝග පිලිබඳ විහේෂඥ වෛද්‍ය රියාස් මව්ජුඩ් මහතා මාධ්‍ය වෙත පැවසීය .
ශ්‍රී ලකාවේ පුද්ගලික සුව සේවා අංශය තුල පෙනහළු හා නින්ද ආශ්‍රිත රෝග සම්භන්ධ ඒකකයක් නොතිබීම විශාල අඩුපාඩුවක්ව පවතී බවත් ඒ අනුව මෙරට ජනතාව සෞඛ්‍ය තත්වය ඉහල නැංවීම අරමුණු කොට මෙම ඒකකය පිහිටුවීමට පියවර ගත බවත් නවලෝක රෝහල් සමුහයේ සභාපති අචාර්ය ජයන්ත ධර්මදාස මහතා මෙහිදී පැවසීය