නවතම පුවත්

පෙබරවාරි විදුලි බිලම ඊළඟ මාස 3ටත් ගෙවන්න රජයෙන් සහනයක්

අසංක

අසංක

මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සඳහා වන විදුලි බිල්පත්වලට සහනයක් ලබාදීමට රජය පියවර ගෙන ඇත.

ඒ අනුව අදාළ මාසවලට ගෙවිය යුත්තේ පසුගිය පෙබරවාරි මාසයේ ලැබුණු බිල්පතේ සඳහන් ගාස්තුවමය.

අදාළ බිල්පත් ගෙවීමට මාස දෙකක සහන කාලයක් ද ලබාදීමටද රජය තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය.

එම කාලය තුළ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකිරීමට ද ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දී ඇතැයි අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

එසේම මාර්තු, අප්‍රේල් හා මැයි මාස තුනේ බිල්පත් දැනටමත් ගෙවා ඇත්නම් වැඩිපුර ගෙවා ඇති මුදල් ලබාදීමට හෝ ඉදිරි බිල්පත්වලින් පුරණය කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා මාධ්‍ය වෙත අද පැවසීය.

එසේම පෙබරවාරි මස සඳහන් වන මිල ගණනට වඩා මාර්තු බිල්පත අඩු නම් එම බිල්පතේ සඳහන් ගණන) ගෙවීමට අවස්ථාව ලබාදීමටද රජය අද දින තීරණය කර ඇත.

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!