නවතම පුවත්

රටවල් 12ක් කොරෝනාවෙන් තවමත් නිදහස්

අසංක

අසංක

ලොව පුරා රටවල් රාශියක් කොරෝනා වෛරසයෙන් පීඩා විඳින මේ මොහොතේ පවා , තවමත් එකදු කොරෝනා ආසාධිතයෙකු හෝ වාර්තා නොවන රටවල් 12ක් පවතින බවට තොරතුරු වාර්තාවේ.

කිරිබර්ටි (Kiribati) , මාර්ෂල් අයිලන්ඩ්ස් (Marshall Islands) , මයික්‍රොනීසියා (Micronesia) , නාවුරු (Nauru) , උතුරු කොරියාව (North Korea) , පලාවු (Palau) , සැමෝවා (Samoa) , සොලමන් දූපත් (Solomon Islands), ටොන්ගා (Tonga ) , ටර්ක්මෙනිස්තාන් (Turkmenistan), ටුවාලු (Tuvalu), හා වනුආටු (Vanuatu) යනු මෙම රටවල් 12 වේ.

මෙම රටවල් ලෝකයේ වෙනත් රටවලට සාපේක්‍ෂව හුදකලාව පැවතීම මෙන්ම මෙම රටවල සෞඛ්‍ය වාර්තා නිසිලෙස ලෝකයට අනාවරණය නොවීමද මීට යම්තාක් දුරකට හේතු සාධක විය හැකි බව ඇතැම් විශේෂඥයින් පෙන්වාදේ.

කෙසේ වෙතත් මේ වනවිට ලොව පුරා රටවල් 188 කටත් අධික සංඛ්‍යාවක මෙම වෛරසය ව්‍යාප්තවී ඇති අවස්ථාවක මෙම රටවල් කිහිපයෙන් පමණක් කිසිදු කොරෝනා රෝගියෙකු හමු නොවීම සුවිශේෂී කරුණක් බව කොරෝනා වෛරසය පිලිබඳ පර්යේෂණ පවත්වන ජාත්‍යන්තර ආයතන රැසක් අවධාරණය කර ඇත.

මීට හේතු සාධක වී ඇති කරුණු පිළිබඳව පුළුල්ව පර්යේෂණ කිරීමටද මෙම ආයතන දැනට පියවර ගනිමින් සිටින බවද දැනගන්නට ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්