නවතම පුවත්

පෙම්වතිය හැර ගිය දුකට ගාලු කොටුවේ යකා නැටූ චීන ජාතිකයා අල්ලයි

අසංක

අසංක

යට ඇඳුම පිටින් ගාල්ල කොටුව තුළ අවේගශීලීව හැසිරෙමින් දෙස් විදෙස් සංචාරකයන්ට පහරදෙමින් යකා නැටූ චීන ජාතිකයෙකුව ගාල්ල සංචාරක පොලීසියේ නිලධරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිය පෙම්වතිය තමාව අතහැර ගියා යැයි සිත්තැවුලට පත්ව මෙම චීන ජාතිකයා මෙසේ හැසිරී ඇති බව පොලීසිය කියයි.

මෙම චීන ජාතිකයාව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු ගාල්ල කොටු බැම්මෙන් පැන සිය දිවි හානිකර ගැනීමට සූදානම් වී ඇත. එහිදී පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ දැඩි පරීශ්‍රමයක් දරාය.

මෙම චීන ජාතිකයා 33 හැවිරිදි අයෙකි. මොහු මෙරට වසර 05ක් තිස්සේ රැදීසිටින බවත් වීසා කාලයද වසර දෙකක් තිස්සේ ඉක්මවා ගොස් ඇති බවත් පොලීසිය කියයි.

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට මෙම චීන ජාතිකයාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි 06 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්