“කවුරුත් හිතන්නේ දහනවවැනි සංශෝධනයෙන් ගෙනා විගණන කොමිසම නිසා මේ රටේ දූෂණ වංචා සිදු වුණේ නෑ කියලා පසුගිය කාලයේ අරලියගහ මන්දිරයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය දූෂණ වංචා විමර්ශන ඒකකය ක්‍රියාත්මක කිරීමට ගිය වියදම් ගැන එම කොමිසම විගණනය කරලා තියනවාද? එම නීති විරෝධී ඒකකය පිරිවැය ගැන විධානය කරලා රට හෙළි කරලා තියනවද? ඔය කියන කොමිසමෙන් ඒවා ගැන විගණනය වුණා ද?” යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
ඒ අද ආරම්භ වූ විසි වෙනි විවස්ථා ව්‍යවස්ථා සංශෝධනයෙහි පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තුවේ විවාදයේ දී සිය කතාව ඉදිරිපත් කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා කියා සිටියේ “දළදා පෙරහැරේ නැටුවත් නීතිය නැමුවත් ජනාධිපතිට වුණත් පොලිස්පති ඉවත් කරන්න බෑ. අදටත් ජනාධිපතිට පොලිස්පති ඉවත් කරන්න බෑ. දහනවවැනි සංශෝධනය ගෙන ආ පොලිස් කොමිසම වග කියන්නේ කාට ද කියන ප්‍රශ්නය තිබෙනවා.” යනුවෙනි.