නවතම පුවත්

ඇමතිලා 3ක් කොරෝනා ආශ්‍රිතයින් – මන්ත්‍රීලා 3ක් PCR සහ නිරෝධායනයට

අසංක

අසංක

ආණ්ඩුවේ අමාත්‍යවරුන් තුන් දෙනෙකු covid-19 ආශ්‍රිතයින් බවට පාර්ලිමේන්තුවේ දී අද අනාවරණය විය.

වෙළඳ කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද සහභාගි වූ පසුගිය දා පැවැති වෙළෙඳ හමුවකට පිටකොටුවේ ව්‍යාපාරිකයකු පැමිණ ඇති අතර ඔහුගේ මුදල් අයකැමිවරයා කොරෝන ආසාදිතයෙකු බැවින් බුද්ධි අංශ දැනුම් දීමෙන් පසු තමා PCR පරීක්ෂාවකට යොමු වූ බව බන්දුල ගුණවර්ධන මහතා කීය.

එමෙන්ම ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ද කොරෝනා ආශ්‍රිතයකු වී ඇත්තේ මතුගම ආසාදිතයෙකු වූ බස් රියදුරු අමාත්‍යවරයා හමුවූ නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මැති සබේ දී අද පැවසීය.

මේ අතර නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී ඇති අතර එහි ඔහු සිටි ඇඳට ඇඳක් එහායින් සිට ඇත්තේ කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී ඇති බවයි.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ දෙවන පෙළ ආශ්‍රිතයකු බැවින් සෞඛ්‍ය අංශ දැනුම් දීමෙන් පසු එම පරීක්ෂාවන් සිදුකළ බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඔහුට දුන් පිළිතුර දී සඳහන් විය.

මේ වන විට අත්අඩංගුවේ පසුවන රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයාද නිරෝධායනයට යොමු කර ඇත.

මීට පෙර හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද ස්වේච්ඡාවෙන්ම PCR පරීක්ෂාවකට යොමු වූ බව පසුගියදා මැතිසබයේ දී හෙළිවිය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්