දිවයින පුරා සිටින පෙර පාසල් ගුරුවරියන් සදහා රුපියල් 2,500ක මාසික දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත .
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත .
මේ සදහා ගුරු අභිමානී වැඩසටහන යටතේ මුදල් ගෙවීමට නියමිත අතර පෙර පාසල් ගුරුවරියන් 25,000 කට පමණ මෙමගින් ප්‍රතිලාභ හිමි වනු ඇත .
පෙර පාසල් ගුරුවරියන් සඳහා වන මෙම දීමනාව මැයි මස (1) සිට ක්‍රියාත්මක වන පරිදි ගෙවීමට නියමිත බවත වාර්තා වේ.