නවතම පුවත්

පේරාදෙණිය රෝහලේදී තරුණියක් මියයාමේ සිද්ධිය ගැන සොයන්න තවත් විශේෂඥ කමිටුවක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී පසුගිය 11 වනදා තරුණියක් මියයාම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළ වාර්තාව අද දිනයේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත ලබාදීමට නියමිතයි.

එමෙන්ම තරුණිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂඥවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් ද අද දිනයේ පත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නෙත් නිවුස් සඳහන් කළා.

තරුණිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන් 05 දෙනෙකුගෙන් යුත් කමිටුවක් ද පසුගියදා පත් කෙරුණා.

එම කමිටුවේ සාමාජිකයින් ඉකුත් සෙනසුරාදා පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට ගොස් විමර්ශන සිදුකරනු ලැබුවා.

උදරාබාධයක් හේතුවෙන් පේරාදෙණිය රෝහලට ඇතුළත් කෙරුණු අදාළ තරුණිය මියගියේ රෝහලෙන් එන්නත් දෙකක් ලබාදීමෙන් පසුව බවට ඇයගේ පවුලේ ඥාතීන් චෝදනා කර තිබෙනවා.

ඉන් අනතුරුව එම සිද්ධිය සම්බන්ධයෙන් රටේ දැඩි කතාබහක් ඇති වූ අතර ලබාදී තිබූ එන්නත පිළිබද තවත් පාර්ශව රැසක් අදහස් පළ කළා.

එවන් පසුබිමක් තුළ විශේෂ කමිටුවක් පත් කර විමර්ශන සිදුකිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනු ලැබුවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්