පේරේ-මොරටු සරසවි ශාඛා හදන්න මාලදිවයිනෙන් දූපතක්

Picture of අසංක

අසංක

පේරාදෙණිය හා මොරටුව විශ්වවිද්‍යාලවල ශාඛා මාලදිවයිනේ පිහිටුවීමට රජය තීරණය කරයි.

මේ සඳහා මාලදිවයිනට අයත් දූපතක් ලබාදීමට එරට ජනාධිපතිවරයා එකඟත්වය පළකර ඇත.

අමාත්‍ය රවුෆ් හකීම් මහතා මේ බව සඳහන් කළේ මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවැති හමුවකදීයි.

මේ අනුව එරට සිසුන්ට මුල් වසර දෙක මාලදිවයින් ශාඛාවේ අධ්‍යාපනය හදාරා පසුව ශ්‍රී ලංකාවට පැමිණ උපාධි පාඨමාලා අවසන් කළ හැකිය.