ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 10 කින් සමන්විත නව සන්ධානයේ පළමු පක්ෂ නායක රැස්වීම අද පස්වරුවේ පැවැත්වේ.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමට සියලු පක්ෂ නායකයින් සහ ලේකම්වරුන් සහභාගී වනු ඇත.
එහිදී ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් සහ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බවද වාර්තාවේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ 10 කින් සමන්විත නව සන්ධානය නම් කර ඇත්තේ , ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙසය