නවතම පුවත්

පොදුජන ගුරු සංගමය හුදකලා වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමය, අද(18) සහ හෙට දින කැඳවා ඇති වර්ජන ක්‍රියාමාර්ගයට කිසිඳු සහයක් පල නොකරන බව ගුරු විදුහල්පති වෘත්තීය සංගම් 27ක් නිවේදනය කර සිටී.

කිසිඳු සැළසුමකින් තොරව සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමඟ කිසිඳු එකඟතාවයකින් තොරව අද(18) සහ හෙට දිනයන්හි අසනීප නිවාඩු වාර්තා කරන ලෙස දන්වමින් පොදුජන ගුරු සංගමය දැනුම්දීම් සිදුකර ඇතැයි ගුරු විදුහල්පති වෘත්තීය සිමිති මෙම නිවේදනය කර සිටී

ගුරු විදුහල්පති වෘත්තීය සමිති බහුතර සංඛ්‍යාවකගේ එකඟතාවයකින් තොරව පොදුජන ගුරු සංගමය සිදුකරන මෙවැනි ක්‍රියා ගුරු විදුහල්පති ඒකාබද්ධ සටන් ව්‍යාපාරය දියාරු කිරීමක් බවත් ආණ්ඩුවේ උවමනාවන් ඉටු කිරීමක් බවත් නිවේදනයේ දැක්වේ.

එසේම ගුරු විදුහල්පතිවරුන්ගේ වෘත්තීය ඉල්ලීම් දිනාගැනීමේ අරගලයේ ඉදිරි ක්‍රියාමාර්ග ලබන 21 වැනිදා ඒකාබද්ධව ප්‍රකාශයට පත්කරන බව ද ගුරු විදුහල්පති වෘත්තීය සමිති බහුතරය පවසයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා