කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලංගම බස් රථවල හා දුම්රිය තුළ සිගාමන් යැදීම නැවැත්වීමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව ඊට අදාළ නියෝග ලංකා ගමනා ගමන මණ්ඩලයට හා දුම්රිය දෙපාර්තමේන්තුවට දැනටමත් අමාත්‍යංශය විසින් ලබාදී ඇත.
කොවිඩ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්තියට සිඟන්නන්ගේ ක්‍රියාකාරකම් බලපෑ හැකි බැවින් ඒ් සම්බන්ධව අවධානය තවදුරටත් අවධානය යොමු කිරීමටද අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
කෙසේ වෙතත්එම යාචක ජනතාවට දඩුවම් නොකර ඔවුන්ට ද මෙම රෝගයෙන් ආරක්ෂා වීම සඳහා ගත හැකි පියවර ගැනීම හැමගේම වගකීමක් බව පහදා දෙන මෙහිදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ අංශ වෙත දැනුම් දී ඇත.