නවතම පුවත්

පොදු ප්‍රවාහන සේවා විෂබීජහරණයට ලක් කිරීම අදත්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ව්‍යාප්ත වන කොරෝනා වෛරසය මැඩලීම සඳහා පොදු ප්‍රවාහන සේවා විෂබීජහරණයට ලක් කිරීම අදත් ක්‍රියාත්මක වේ. ඒ අනුව, අන්තර පළාත් බස් රථ සතියක කාලයක් පැය 24 පුරා විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඊට අමතරව බස් රථ සේවකයින්ට මුඛ ආවරණ සහ අත්වැසුම් පැළදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් දී ඇතැයි ද ජාතික ගමනාගමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ ය. මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 5700කට අධික සංඛ්‍යාවක් පැය 24 පුරා විෂබීජහරණයට පියවර ගෙන තිබේ.

එහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ, සේවක ආරක්ෂාව වෙනුවෙන් මුඛ ආවරණ ලබාදීම අද සිට ආරම්භ කරන බවයි.

මේ අතර දුම්රිය මැදිරි විෂබීජහරණය අද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, ඒ අනුව මැදිරි 400ක් විෂබීජහරණයට සැලසුම් කර ඇති බවයි.

එම කටයුතු මරදාන, මාළිගාවත්ත සහ දෙමටගොඩ අංගනවලදී සිදුවනු ඇති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්