පොලිස්පති අනිවාර්ය නිවාඩු යවලා

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

වැඩබලන පොලිස්පතිවරයකු පත්කිරීම සිදුකර ඇත්තේ ද මේ හේතුවෙන් බව සදහන් ය.

මේ අනුව අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පතිවරයාට මින් ඉදිරියට පොලිස් දෙපාර්තමේන්තුවට ඇතුළු වීම තහනම් වේ.

එමෙන්ම කිසිදු පොලිස් නිලදාරියකුට නියෝග දීම ද පූජිත ජයසුන්දර මහතාට තහනම් වනු ඇත.