පොලිස්පති පුජිත අත්අඩංගුවට?

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ- රමේෂ් වරල්ලෙගම 

සේනාධිනායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියමය පරිදි තනතුරෙන් ඉල්ලා අස්නොවුනහොත් සතියක කාලයක් තුළ ඔහුව අනිවාර්ය නිවාඩු යවා අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

පොලිස්පතිවරයාට සිය තනතුරෙන් ඉල්ලා අස්වන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝග කළ දෙවැනි අවස්ථාව මෙය මේ.

රටක ජනාධිපතිවරයා නියෝගයක් කළ පසුවද ඊට එරෙහිව යමින් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා මේ වනවිට අප්‍රසාදයට පත්ව ඇතැයි දේශපාලන වශයෙන් සාකච්ඡාවටල ලක්වී තිබේ.

කෙසේ වෙතත් සතියක කාලයක් ඔහුට මෙම තනතුරේ රැදී සිටීමට ලබා දි ඒ අතර කාලයේදී නිල වශයෙන් අනිවාර්ය නිවාඩු යැවු බව සැලකොට පසුව ඔහු ඊට දක්වන ප්‍රතිචාරය අනුව දෙවැනුව කටයුතු කිරීමට ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරින් දැනුවත් කොට ඇතැයි නිල නොලත් ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව අනිවාර්ය නිවාඩු යැවු පසු නැවත සේවයට වාර්තා කිරීමට උත්සුක වන්නේ නම් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවා ඇති බව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු වී ඇත.

මේ නිසා පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වේද ? ඒසේ නැතිනම් අත්අඩංගුවට පත්වේද ? නො ඒසේනම් ඔහුම නෛතික ක්‍රියාමාර්ගයකට යොමු වෙමින් කිසියම් හෙළිදරව්වක් සිදුකරන්නේද යන්න ගැන ඉදිරි දින කිහිපය තුළ තීරණය වනු ඇත.

කෙසේ වෙතත් ද කළම්බො එක්ස්ප්‍රස් අධ්‍යනයන්ට අනුව නම් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමට මේ වනවිට පිඹුරුපත් සැකසී අවසන්ය.