නවතම පුවත්

පොලිස් ඉතිහාසයේ වාර්තාගත කතක් අල්ලස් කොමිසමේ ඉතිහාසයත් අලුත් කරයි

අසංක

අසංක

ඉතිහාසයේ පළමු වරට අල්ලස් කොමිසමේ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක ධූරයට කාන්තා නිලධාරිනියක පත්කර තිබේ.

ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්තා පද්මිණී වීරසූරිය මහත්මියයි.

එම ධූරයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස් වීමක් ලැබ පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවීමක් ලැබීමත් සමග ඇතිවු පුරප්පාඩුවට ඇය පත්කර ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි එම පත්කිරීම කර ඇත්තේ පෙරේදා (29) සිටය.

ඇය ඒ වන විට සේවයේ නිරතව සිට ඇත්තේ අල්ලස් කොමිසමේ විමර්ශන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය ලෙසයි.

ඇය 1997 වසරේදී ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වරට ස්ථිර සේවයට කාන්තා උප පොලිස් පරීක්ෂිකාවන් බදවා ගත් පළමු කණ්ඩායම නියෝජනය කළාය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේත් , තොරතුරු තාක්ෂණ සහ පරිපාලන අංශයේත් , පොලිස් වෛද්‍ය කොට්ඨාශයේත්, පොලිස් දුක්ගැනවිලි අංශයේත් ඇය සේවය කර තිබේ.

රත්නපුර කොලොන්න මහා විද්‍යාලයෙන් සහ රත්නපුර සුමන බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති ජයන්තා පද්මිණි වීරසූරිය මහත්මිය පොලිස් සේවයට එක්ව ඇත්තේ උප පොලිස් පරීක්ෂිකාවක් ලෙසිණි.

ක්‍රියාන්විත මෙහෙයුම්වල ද සේවයේ නිරතව සිට ඇති ජයන්තා පද්මිණි වීරසූරිය මහත්මිය සහකාර පොලිස් අධිකාරීවරියක් වශයෙන් සේවයේ නිරතව සිටියදී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එක්ව හයිටි සහ ටිමෝර් රාජ්‍යවල ද සේවය කර තිබේ.

යුද හමුදාවේ මේජර්වරයෙක් සමග විවාහ වී සිටින ඇය දෙදරු මවකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්