නවතම පුවත්

පොලිස් කොමිසමේ සභාපතිවරු දෙදෙනෙක්

අසංක

අසංක

සභාපතිවරු දෙදෙනෙක් හේතුවෙන් ජාතික පොලිස් කොමිසම මේ වන විට අර්බුදයෙන් අර්බුදයකට ලක්ව තිබේ.

ව්‍යවස්ථා සභාව විසින් ඉකුත් සතියේදි ජාතික පොලිස් කොමිසමේ නව සභාපතිවරයා ලෙස පොලිස් කොමිසමේ හිටපු සාමාජිකයෙක් වන ඩී.ටී.පී.කොල්ලුරේ මහතාව පත්කර ඇත. ඔහු විශ්‍රාමික රාජ්‍ය පරිපාලන නිලධාරියෙකි. ඉදිරි වසර තුනක කාලයක් සදහා කොල්ලුරේ මහතාව ව්‍යවස්ථා සභාව විසින් නම් කිරීමෙන් පසු ජනාධිපති කාර්යාලය විසින් ඔහුගේ පත්වීම් ලිපිය නිකුත්කර ඇතැයි සදහන්ය.

එහෙත් හිටපු සභාපති නීතීඥ පී.එච්. මනතුංග මහතා පවසන්නේ තමන් 2020 ජනවාරි 18 දක්වා පොලිස් කොමිසමේ සභාපතිවරයා බවය. ඔහු ඒබව සදහන් කරන්නේ 2016 වසරේ ජනවාරි 18 වෙනිදා සිට වසර තුනක් සදහා තමන් සභාපතිවරයා කරමින් ජනපති කාර්යාලය විසින් පත්වීම් ලිපියක් ලබාදී ඇති බව කියමිනි.

ඉකුත් බදාදා ඔහු ජාතික පොලිස් කොමිසමට පැමිණ එහි ලේකම් සමන් දිසානායක මහතා අමතමින් ඊට දින ජාතික පොලිස් කොමිසම රැස් කරන ලෙස දැනුම් දීමක් පවා කර ඇතැයි එහි අභන්තර ආරංචි මාර්ග අනාවරණය කළේය. සභාපතිවරු දෙදෙනෙක් නසිටින බැවින් ජාතික පොලිස් කොමිසම අර්බුදයකට ලක්ව ඇති බැවින් එහි ලේකම් තීරණය කර ඇත්තේ අර්බුදය විසදන තුරු කොමිසන් සභාව රැස් නොකරන්නටය. ඒත් එක්කම ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයටත් ව්‍යවස්ථා සභාවටත් දැනුම් දී ඇත්තේ මෙම අර්බුදය විසදන ලෙසය.

වත්මන් පොලිස් කොමිසම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත ස්වාධීන කොමිසන් සභා අතරින් එකකි. පළමු පොලිස් කොමිසම පත්කරන්නේ 2015 වසරේ ඔක්තෝම්බර් 14 වෙනිදාය. පොලිස් කොමිසම සභාපති ඇතුළු සාමාජිකයන් හත්දෙනෙකුගෙන් සමන්විත වන අතර එහි කාලය වසර තුනකට සීමා වී ඇත. වසර තුන ඉක්ම ගිය පසු නව සාමාජිකයන් පත්කරන තුරු හිටපු සභාපති ඇතුළු සාමාජිකයන්ගේ සේවය වලංගු බවද 19 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයේ සදහන්ය. එවැනි වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එක්කර ඇත්තේ නව සාමාජිකයන් පත්කරන තුරු කොමිසමේ කටයුතු අක්‍රියවීම් වලක්වා ගන්නටය. ඒ 17 සහ 18 ව්‍යවස්ථා සංශෝධනවලින් ස්ථාපිත කොමිසන් සභා වසර ගණනාවක්ම අක්‍රියව පැවැතීම හේතුවෙන් අර්බුද රැසක් හටගත් බැවිනි.

ඒ අනුව 2015 වසරේ ඔක්තෝම්බර් 14 වෙනිදා පිහිටුවනු ලැබූ ජාතික පොලිස් කොමිසන් සභාවේ සාමාජිකයන්ගේ සේවා කාලය අවසන් වීමට නියමිත වූයේ 2018 වසරේ ඔක්තෝම්බර් 14 වෙනිදාය. එම කොමිසමේ සභාපතිවරයා ලෙස පත් කෙරෙන්නේ මහාචාර්ය එස්.ටී. හේට්ටිගේ මහතාය. සාමාජිකයන් වූයේ නීතීඥ පී.එච්.මනතුංග, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වන ඇන්ටන් ජෙගනාදන්, නීතීඥ සාවිත්‍රි ඩී.විජේසේකර, විශ්‍රාමික විදේශ සේවා නිළදාරියෙක් වන එයි.එම්.එල්.සවාහීර්, විශ්‍රාමික රාජ්‍ය පරිපාලන නිලදාරියෙක් වන ඩී.ටී.පී. කොල්ලුරේ සහ විශ්‍රාමික පොලිස්පතිවරයෙක් වන ආචාර්ය ෆෑන්ක්ද සිල්වා යන මහත්ම මහත්මීන්ය.

ව්‍යවස්ථා සභාව විසින් නම්කරනු ලැබූ සභාපති ඇතුළු මෙම සාමාජිකයන්ට පත්වීම් ලිපි නිකුත් කෙරෙන්නේ ජනාධිපති කාර්යාලය හරහාය. එහි පැහැදිලිවම වසර තුනක් සදහා එම පත්කිරීම් කර ඇති බව සදහන්ය. එහෙත් වසර තුනක් ඉක්ම යන්නට මත්තෙන් ඕනෑම සාමාජිකයෙකුට සාමාජික ධුරයෙන් ස්ව කැමැත්තෙන් ඉවත්වීමට නීතිමය බාධාවක් නැත්තේය. ඒ අවස්ථාව ප්‍රෙයා්ජනයට ගනිමින් මහාචාර්ය හෙට්ටිගේ 2017 වසරේ ජනවාරි 08 වෙනිදා කොමිසමේ සභාපතිධුරයෙන් ඉල්ලා අස්වෙමින් සාමාජිකයෙක් ලෙස තවදුරටත් කොමිසමේ රැදී සිටීමට තීරණය කළේය. එම ඉල්ලා අස්වීම ව්‍යවස්ථා සභාව පිළිගත් අතර නව සභාපතිවරයා ලෙස ඔවුන් නම්කරන්නේ  සාමාජිකයින් අතරින් නීතීඥ පී.එච්.මනතුංග මහතාවය. ජනාධිපති කාර්යාලය ඊට අදාල පත්වීම් ලිපිය ඔහුට නිකුත් කරනුයේ 2017 ජනවාරි 18 වෙනිදාය. තසමන් තවදුරටත් සභාපතිබවට මනතුංග මහතා තර්ක කරන්නේ එකී ලිපියේ ඔහුට වසර තුනක් සදහා සභාපතිධුරය දැරීමට අවස්ථාව ලබාදී ඇති බැවිනි.

ජාතික පොලිස් කොමිසමේ වසර තුනක සේවා කාලය අවසන් වන්නේ 2018 ඔක්තෝම්බර් 14 වෙනිදාටය. එදිනට කොමිසමේ සාමාජිකයන්සේ සේවා කාලය අවසන් වූවත් එතෙක් සාමාජිකත්වය දැරූවන්ගේ සේවය ඉදිරි වසර තුන සදහා දීර්ඝ නොකිරීමත් නව සාමාජිකයන් පත් නොකිරීමත්  හේතුවෙන් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නීතිමය ප්‍රතිපාදන අනුව පසුගිය මාස හතරක කාලය තුළ කොමිසමේ කටයුතු සිදුවූයේ හිටපු සාමාජිකයන්ගේ සහභාගිත්වයෙනි.

පසුගිය සතියේ ව්‍යවස්ථා සභාව ජාතික පොලිස් කොමිසමට සාමාජිකයන් නම් කරන්නේ නව සභාපති ලෙස හිටපු සාමාජිකයෙක් වන ඩී.ටී.පී.කොල්ලුරේ මහතා පත් කරමිනි. හිටපු සාමාජිකයින් වන සාවිත්‍රි ඩී.ගුණසේකර, එයි.එල්.එම්. සවාහීර්, මහාචාර්ය එස්.ටී.හෙට්ටිගේ යන මහත්ම මහත්මීන්ට ඉදිරි වසර තුනක කාලය සදහාද නම්කරන අතර නව සාමාජිකයන් ලෙස විශ්‍රමික ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්වන ගාමිණි නවරත්න සහ අශෝක විජේතිලක යන මහත්වරු නම්කරනු ලැබීය. ඒ අයට පත්වීම් ලිපි ජනාධිපතිකාර්යලය හරහා ඉක්තු සතියේ නිකුත්කර තිබුණේ ඒබව පොලිස් කොමිසමේ ලේකම්වරයාටද දැනුම් දෙමිනි.  ඒ අනුව හිටපු සාමාජිකයන් වන ඇන්ටන් ජෙගනාදන් සහ ෆෑන්ක්ද සිල්වා යන මහත්වරුන්ට සිදුවන්නේ කොමිසමෙන් ඉවත්ව යන්නටය. කොමිසමේ සමබරථාවය රදවා ගන්නට සිංහල මෙන්ම දෙමළ සහ මුස්ලිම් ජාතික සාමාජිකයන් පත්කිරීම සම්ප්‍රදායකි. ඒ අනුව ව්‍යවස්ථා සබාවේ නිර්දේශය වී ඇත්තේ උතුරු පළාත නියෝජනය කරනු ලබන රාජ්‍ය පරිපාලන නිළධාරියෙක් ඊට පත්කරන්නටය. හිටපු සභාපති නීතීඥ පී.එච් මනතුංග මහතා නව කොමිසමේ සාමාජිකයෙක් ලෙසද පත්කරමින් ලිපියක් නිකුත්ව නොමැති බැවින් දෙමළ ජාතික සාමාජිකයා පත්කිරීමට නියමිතව ඇත්තේ මනතුංග මහතා වෙනුවෙනි. එහෙත් මනතුංග මහතා ඔහුව සභාපතිවරයා ලෙස පත්කරමින් 2017 වසරේ ජනවාර් 18 වැනිදා ජනාධිපති ලේකම්කාර්යාලය විසින් නිකුත්කල පත්වීම් ලිපිය පදනම්කරමින් තර්ක කරන්නේ තමා තවදුරටත් සභාපතිවරයා බවය.

දම්පත් රණසිංහ

ඩී.ටී.කොල්ලුරේ මහතා

නීතීඥ පී.එච්. මනතුංග මහතා

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්