පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් ගරන ජාවාරමක්

Picture of අසංක

අසංක

පොලිස් නිලධාරීන් ලෙස ව්‍යාජ අයුරින් පෙනී සිටිමින් හදිසි අවශ්‍යතාවයකට යැයි පවසා ඊසි කෑෂ් ක්‍රමයට ජනතාවගෙන් මුදල් බැර කර ගැනීමේ පැමිණිලි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇතැයි පොලිසිය පවසයි.

මීට ආසන්නතම සිදුවීම් වාර්තා වී ඇත්තේ හෝමාගම, මොරගහහේන, වීරකැටිය ප්‍රදේශවලිනි.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ගන්නා ලද දුරකතන ඇමතුම්වලට අදාල විශ්ලේෂණ වාර්තා පොලිසිය විසින් විමර්ශනය කරමින් සිටී.

මෙවැනි කූට පුද්ගලයන්ට ජනතාවට හසු නොවන ලෙස පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.