රත්නපුර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතාට බස්නාහිර පළාත් රථවාහන අංශයභාර පොලිස් ප්‍රධානියා ලෙස ස්ථානමාරුවීමක් ලැබී තිබේ.
මෙම ස්ථාන මාරුවීම පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාගේ අත්සනින් නිකුත්කර ඇත්තේ අද (18) ය. ඒ වහාම ක්‍රියාත්මක වන ලෙසිනි.
ප්‍රියන්ත ලියනගේ මහතාගේ ස්ථානමාරුවීමෙන් පුරප්පාඩු වන රත්නපුර පොලිස් ප්‍රධානී තනතුරට පත්කර ඇත්තේ බස්නාහිර පළාත් රථවාහන අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය දිනේෂ් කරුණානායක මහතාවය.
මෙම ස්ථානමාරුවීම් ක්‍රියාත්මක වී ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඊයෙ (17) නිකුත්කළ ලිපියකට අනුව පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතාමත බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.