නවතම පුවත්

පොලිස් OIC හප්පා පලා ගියේ ජනපති ආරක්ෂක පොලිස් ලොක්කුගේ පුතෙක් බව හෙළිවේ

අසංක

අසංක

බොරැල්ල පොලිස් රථවාහන අංශයේ ස්ථානධිපතිවරයා අනතුරට ලක්කොට පලා ගිය ඩිෆෙන්ඩර් රථය පදවා ඇත්තේ ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයට අයත් ඉහළ නිලයක් දරන පොලිස් නිළධාරියකුගේ පුතෙකු බව www.thecolomboexpress.com වෙත වාර්තා වේ.

අනතුර සිදුකර ඇත්තේ තම පුතා බව දැනගත් එම නිලධාරියා කර ඇත්තේ සැකකරු පොලිසියට භාර දීමය.

කෙසේවෙතත් අදාල ඩිෆෙන්ඩර් රථය ව්‍යාපාරිකයකුට අයත් බව සදහන් වේ.

සැකකරු ඊයේ රාත්‍රියේ තම මිතුරියකගේ උපන්දින සාදයකට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබේ.

මේ අතර බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කර පළා ගිය ඩිෆෙන්ඩර් රථය ද සොයාගෙන තිබේ.

බම්බලපිටියේදී මෙම අනතුර සිදුව තිබුණි.

අදාළ ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ නිවසකින් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අනතුරට පත් බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියකින් යමින් සිටි බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මෙලෙස අනතුරට මුහුණ දී ඇත්තේ බම්බලපිටියේදීයිග

බරපතල තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

දම්පත් රණසිංහ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්