ශ්‍රී ලංකා පොලිසියේ පළමු කොවිඩ් ආසාදිත මරණය වාර්තා වෙයි.
ඊයේ (7) මොණරාගල ප්‍රදේශයෙන් මෙලෙස වාර්තා වී ඇත්තේ මොනරාගල පොලිසියට අනුයුක්තව සේවය කරන ලද උප පොලිස් පරීක්ෂකවරයකුගේ මිය යාම සම්බන්දයෙනි.
පපු ප්‍රදේශයේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු පසුගිය පස්වැනිදා රෝහල් ගත වී ඇති අතර පසුදින කරන ලද PCR පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවයි.
ඉන් පසුව ඊයේ දිනයේ ඔහු මියගොස් ඇත.
දෙදරු පියෙක් වන ඔහු 59 හැවිරිදි අයෙකි.
තව නොබෝ දිනකින් ඔහු විශ්‍රාම යාමට යාමට නියමිතව තිබී ඇත.