නවතම පුවත්

මෙරට වැඩිහිටියන්ට සහ ශ්‍රම බළකායට සති 3කින් කොවිඩ් එන්නත

අසංක

අසංක

ලබන මස පළමු සතියේ සිට මෙරට ජනතාවගෙන් ඛාණ්ඩ 2කට කොවිඩ් එන්නත ලබාදීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ට සහ අවුරුදු 30 – 60ත් අතර වැඩකරන ජනතාවට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට අපේක්ෂා කරන ඛාණ්ඩවලට අයත් වේ.

රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ මධ්‍යස්ථාන 4000ක් ඒ සඳහා සැලසුම්කර ඇති බව ය.

එම මධ්‍යස්ථානවලින් දිනකට මධ්‍යස්ථාන 2000ක් ක්‍රියාත්මක වන ආකාරයට එක් මධ්‍යස්ථානයකින් 300කට එන්නත් ලබාදීමට බලාපොරොත්තු වේ.

වැඩිදුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය,

“ දිනකට ලක්ෂ 6ක ජනතාවකට අපිට හැකියාව ලැබෙනවා එන්නත් ලබාදෙන්න. මේ වෙන කොට 160,000 දීමේ දී විශාල අතුරු ආබාධ කිසිවක් වාර්තා වෙලා නෑ. හැබැයි ඕනෑම එන්නකට අතුරු ආබාධයක් එන්න පුළුවන්. ඒ කියන්නේ ඇඟ ඒකට ප්‍රතික්‍රියා දක්වනවා කියන එක. මොකද ඇඟට බාහිර යමක් ඇතුළු වුණොත් වෛරසයක් හෝ බැක්ටීරියාවක් ඇඟ ප්‍රතික්‍රියා දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස උණ, ඇඟපතේ වේදනාව ඇති වෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. අපි මාර්තු මාසයේ පළමු සතියේ මේ එන්නත්කරණය ආරම්භ කරනවා. ඒ සඳහා ඔබතුමන්ලා සුදානම් වෙන්න. ප්‍රමුඛතා ලැයිස්තු හදලා තියෙන්නේ”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්