පොලීසියේ මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සෙනෙවිරත්න මහතා නම් කර තිබේ.
පොලිස් නීති කොට්ඨාශයේ අධ්යක්ෂවරයා ලෙස ද කටයුතු කර ඇති ඒ මහතා අවසන් වරට සේවය කර ඇත්තේ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙසයි.
මාධ්‍ය සම්බන්ධීකරණ තනතුර නව තනතුරක් වන අතර මෙමගින් කෙරෙන කාර්ය පොලිස් මාධ්‍ය ප්රකාශකයාට වඩා වෙනස් කාර්යභාරයකි.
මාධ්‍ය වෙත ලබාදිය යුතු පොලිස් පුවත් ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානය වෙත සැපයීම මෙම තනතුරේ වගකීමයි.