නවතම පුවත්

‘රාජිතලා වුණත් දැනගන්න ඕනේ හැමදේකම ප්‍රතික්‍රියාවක් තියෙන බව’-ජොනී

අසංක

අසංක

පසුගිය රජය විසින් තීන්දු තීරණ ගත්තේ අරලිය ගහ මන්දිරයේ සිට බවත් එහිදී ස්වාධීන කොමිෂන් සභා පිහිටුවමින් ඒවා ස්වාධීන බව ලෝකයට ප්‍ර‍කාශ කරමින් එහි නිලධාරීන් ලෙස තම හිතවතුන් පත්කරගනිමින් තීන්දු තීරණ ගෙන ඇති බවත් වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා පවසයි.

හෙතෙම මේ බව පැවසූයේ අද (30) කුරුණෑගල ප්‍රදේශයේ ඒ.ජේ.එම්. මුසම්මිල් පදනමින් සංවිධානය කරන ලද පොත්පත් බෙදාදීමේ උත්සවයක දී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූයේ, වැරදිකරුවන් පිළිබඳ නිගමන ලබාදීම උසාවිය විසින් කරනු ලබන්නක් මිස එය දේශපාලඥයින්ට අයත් ක්‍රියාවක් නොවන බවයි.

“අනුර දිසානායකලා, රාජිතලා, චම්පිකලා ඇතුළු කණ්ඩායම ක්‍රියාත්මක වුණේ අරලිය ගහ මන්දිරයේ ඇතුළේ ඉඳගෙන. එහේ ඉඳගෙන ඔවුන් මොකද්ද කළේ. ඔවුන් බොරු පැමිණිලි හදලා ඔවුන් පත්කළ නිළධාරීන්ට ඒ පැමිණිලි ටික දීලා බොරු නඩුවලට පැටලුවා. ඒකනේ වුණේ.

කොමිෂන් සභා කියන ඒවා පෙන්නුවා ලෝකෙට ස්වාධීනයි කියලා කිව්වා. ඒ ස්වාධීනයි කියන තැන්වලට දැම්මේ කවුද ඔවුන්ගේ ළඟම නිළධාරීන්. එක්සත් ජාතික පක්ෂයට කඩේ යන නිළධාරීන්ව පත්කළේ. ඒ නිළධාරීන් පාපොච්චාරණය කළා පසුගිය කාලවලදි මේවා වුණේ මෙහෙමයි කියලා.

එතකොට අද මොකද්ද වෙන්නේ. අද අරලිය ගහ මන්දිරයේ කාර්යාල නැහැ. අද අරලියගහ මන්දිරයට ගිහිල්ලා දේශපාලඥයෝ තීන්දු තීරණ ගන්නේ නැහැ. පොලිස් දෙපාර්තමේන්තුව අවශ්‍ය කරන පැමිණිල්ලක් ආවම පරීක්ෂණ කරලා ඉවර වෙලා ඒ පරීක්ෂණ අනුව ඔවුන් නීතිය ක්‍රියාත්මක කරනවා.

හැම ක්‍රියාවකටම ප්‍ර‍තික්‍රියාවක් තියෙනවා. රාජිත  සේනාරත්න ඇමතිතුමා, චම්පික ඇමතිතුමා ගිය රජය බලයට ආවට පස්සේ ඔවුන් ගියේ දේශපාලන දඩයමක. තමන්ට විරුද්ධව ඉන්න දේශපාලඥයින්ව දක්ෂ දේශපාලකයින්ව දඩයම් කරපු යුගයක් තමයි එදා තිබුණේ.

එදා අපිව හිරේට දැම්මම මාව රෝහලට ගෙනයන්න හැදුවම බන්ධනාගාර නිළධාරීන් කිව්වා රෝහලට ගිහින් ඉන්න ආරක්ෂාව දෙන්න බැහැ කියලා. මම කිව්වා නැහැ රනිල් වික්‍ර‍මසිංහ මහත්තයාගේ ආණ්ඩුව බොහොම කැමැත්තෙන් මාව හිරේ දැම්මේ. මාව හිර ගෙදර තියන්න ඕන නිසා මාව හිරගෙදර තියන්න. රෝහලේ තියන්න එපා, මට අසනීපයක් නැහැ කියලා. එහෙම ඉඳලා අපි ඒ අභියෝගයට මුහුණ දුන්නා. අපි දන්නවා අපි නිවැරදියි කියලා. අපි උසාවියේ පෙනී සිටියා. ඒවට නිවැරදි තීන්දු තීරණ ලැබුණා. ඒක රටේ ජනතාව දන්නවා.

අද රාජිත සේනාරත්න මහත්තයලා, චම්පික මහත්තයලා මේවට මුහුණ දෙන්න ඕන. මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාවත්, මහින්ද රාජපක්ෂ අගමැතිතුමාවත් දුන්න නියෝග නෙවෙයි. මේවා රටේ පවතින නීතිය අනුව ක්‍රියාත්මක වෙන නිසා තමයි ඔවුන්ව රිමාන්ඩ් භාරයට පත්වෙලා තියෙන්නේ.  ඔවුන්ගේ නිවැරදි භාවය ඔප්පු කරන්න පුළුවන් එකම තැන තමයි උසාවිය.

 එහෙම නැතිව මුජිබර් රහුමාන්වත්, රාජිත සේනාරත්න මහත්තයාගේ පුතාවත් කරන ප්‍ර‍කාශ වලින් නෙවෙයි  ඔවුන් නිදහස් වෙන්නේ. ඔවුන් නිදහස් වෙන්නේ උසාවියට ගිහිල්ලා තමන්ගේ නිවැරදි භාවය ඔප්පු කළාමයි. ඒ නිවැරදිභාවය අපි උසාවියට ගිහිල්ලා ඔප්පු කළා. ඒ නිසා අපි නිදොස් කොට නිදහස් වුණා.

ඒ නිසා මම කියන්නේ මොවුන්ට දේශපාලනය කරන කොට ආත්ම ශක්තියක් තියෙන්න ඕන. මහින්ද රාජපක්ෂ මහත්තයව හිරේට දැම්මා 80 ගණන් වල. එතුමා ඒකට මුහුණ දුන්නා. රිමාන්ඩ් භාරයට පත්වෙලා එතුමා රෝහල් ගතවුණේ නැහැ. සාමාන්‍ය සිරකරුවෝ දාන සිර මැදිරියේ හිටියේ.

දැන් ජනතාවට දැනෙනවා ඇති මේ දේශපාලඥයෝ කාඩ්බෝඩ් වීරයෝ ද එහෙම නැත්නම් සැබෑ වීරයෝ ද කියන එක ඔවුන් ගන්න තීන්දු තීරණවලින් පේන දෙයක්. රාජිත සේනාරත්න ඇතුළු සියලුම දේශපාලඥයෝ දැනගන්න ඕන හැම ක්‍රියාවකට ම ප්‍ර‍තික්‍රියාවක් තියෙනවා කියලා…..”යැයි ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්