නවතම පුවත්

පොලීසියට බැන වීඩියෝ මුදාහැරි මියුසික් බෑන්ඩ් සාමාජිකයා අත්අඩංගුවට

අසංක

අසංක

දම්පත් රණසිංහ

ඇදිරි නීතිය ක්‍රියාත්මකව පවතින වේලාවන්වල දේවාලවල පූජා කටයුතු සදහා යන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසියට ඉතා පහත් ලෙස බැන වදිමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කළ සංගීත කණ්ඩායමක සාමාජිතයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අද (08) අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව කොවිඩ් 19 සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කළ පුද්ගලයින් 02 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සංගීත කණ්ඩායම් සාමාජිකයා දෙමටගොඩ පදිංචිකරුවෙකි. පොලීසිය සදහන් කරන්නේ අංගොඩ කැලණිමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසකදී ඔහුව අත්අඩංගුවට ගත් බවය.

අධිකරණයට එම සැකකරුව ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකල බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

පොල්ගහවෙල රෝහලේ කොරෝනා ආධාධිතයින් සිටින බව සදහන් කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රසිද්ධ කිරීමක් සම්බන්ධයෙන් සෙසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

දේශපාලන පක්ෂයක මැතිවරණ කොට්ඨායක කාන්තා බල මණ්ඩලයක භාණ්ඩාගාරිකවරියක් වන නර්ථන ශිල්පිනියක්, වෛද්‍යවරුන් දෙදෙනෙක් ,හිටපු ජනාධිපති මාධ්‍ය අංශයේ සේවයේ නිරතව සිටියෙක් වන නිදහස් මාධ්‍යවේදියෙක්, විශ්ව විද්‍යාලයක පරිපාලන නිලධාරියෙක් , විශ්ව විදයාල ශිෂ්‍යෙක් ඇතුළු පුද්ගලයින් 09 දෙනෙක් පසුගිය කාලය තුළ කොවිඩ් 19 සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම් සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටිති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්