පොලීසියේ 200කට උසස්වීම්‌

Picture of අසංක

අසංක

මෙම මාසය අවසන්‌ වන විට සුදුසුකම්‌ ලැබූ ප්‍රධාන පොලිස්‌ පරීක්ෂකවරු 209 දෙනෙකු සහකාර පොලිස්‌ අධිකාරී නනතුරට උසස්‌ කිරීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර්‌ අද්මිරාල්‌ ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

ඒ කළුතර ශ්‍රී මුණසිංහ බොධිරාජ විහාරස්ථානයේ පැවැති උත්සවයකදී ය.

පොලිසියේ මූලික වශයෙන්‌ විසඳිය යුතු ගැටලු කීපයක්‌ හඳුනාගෙන තිබෙන බවත්‌ ඉන්‌ එක්‌ ප්‍රධාන ප්‍රශ්නයක්‌ ලෙස උසස්වීම්‌ සම්බන්ධ ගැටලුව හදුනාගෙන ඇනි අතර නිසි ක්‍රමවේදයක්‌ නොමැති නිසා වසර ගණනාවක්‌ නිස්සේ පොලිස්‌ නිලධාරීන්‌ හට උසස්වීම්‌ ලැබී නැනි නිසා ඔවුන්‌ මානසික පීඩාවට ලක්‌ වී ඇනි බව අමාත්‍යවරයා ‌ පැවසීය.

පොලිස්‌ පරීක්ෂකවරුන්‌ හැට තුන්‌ දෙනෙක්‌ පමණක්‌ සහකාර පොලිස්‌ අධිකාරී නිලයට පත්‌ කිරීමට තීරණය වී තිබුනත්‌ තමා ජනාධිපතිවරයා සමග සාකචිඡා කර ඒ සංඛ්‍යාව 209 දක්වා ඉහලට දමාගත් බව සරන්‌ වීරසේකර අමාත්‍යවරයා පැවසීය.

එසේම පොලිස්‌ නිලධාරීන්ගේ ආහාර දීමනාව ලබා දීමට ද කටයුතු කරන බව කීය.