නවතම පුවත්

පොලීසියේ 30%ක්ම ප්‍රභූ ආරක්ෂාවේ – පැමිණිලි විභාගයටවත් නිලධාරීන් නෑ

අසංක

අසංක

දැනට පොලිස් සේවාවේ සිටින නිලධාරීන්ගෙන් 30%ක් මේ වන විට යොදවා ඇත්තේ ප්‍රභූ ආරක්ෂාව සඳහා බව නීතිය හා සාමය පිළිබඳ ආරක්ෂක තොරතුරු අනාවරණය කරයි.

මේ හේතුව නිසා සාමාන්‍ය පොලිස් රාජකාරි සඳහා පොලිස් ස්ථානවල දැඩි හිඟයක් මතුව තිබේ.

ඒ අනුව මේ වන විට දෛනිකව පොලිස් ස්ථානවල සිදු කෙරෙන පැමිණිලි විභාග කිරීම සහ වැටලීම් අඩපණ ව තිබෙන බව පොලීසිය පැවසී ය.

පසුගිය දිනවල බන්ධනාගාරවලට මත්කුඩු සහ තහනම් භාණ්ඩ තාප්පවලින් විසි කිරීම පාලනය කිරීම සඳහා ඒ අවට පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වුවත් එම මෙහෙයුම් ද නතර කර ඇත.

මැගසින් සහ කොළඹ කාන්තා බන්ධනාගාර වලට පිටත සිට මත්කුඩු සහ අනෙකුත් ද්‍රව්‍ය විසි කිරීම පාලනය සදහා බොරැල්ල පොලිස් ස්ථානය මගින් වනාතමුල්ල දෙසින් බන්ධනාගාරය පිටත ස්ථාපනය කර තිබූ පොලිස් මුරපොල පවා මේ වන විට ඉවත් කර ඇත.

පැය 24 පුරා නිලධාරීන් සිවු දෙනකුගේ ආරක්ෂාවක් එම ස්ථානයට පසුගිය කාලය තුළ ලබාදී තිබුණි.

ඒ තුළින් බන්ධනාගාරයේ මත්කුඩු හා තහනම් භාණ්ඩ පාලනය වූ අතර භාණ්ඩ විසිකරන සැකකරුවන් දහයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි.

ප්‍රභූ ආරක්ෂාව යොදවා ඇති ප්‍රභූන් ගණයට අයත් වන්නේ මැති ඇමතිවරු, තානාපතිවරු, හිටපු ජනාධිපතිවරු, විනිසුරුවරුන් සහ වෙනත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් (මහ බැංකු අධිපති වැනි) මීට අමතරව මේ වනවිට මන්ත්‍රීධූර අහිමි වූ ඇතැම් අයට ද පොලිස් ආරක්ෂාව තවමත් ලබා දී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්