පොලොන්නරුනේ පලාගිය කොරෝනා ආසාදිතයන්ගෙන් එක් අයකු අත්අඩංගුවට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශයේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රැඳවියන් 05 දෙනෙකු පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ සිටිනවා.

මෙම රැඳවියන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින අයවළුන් බවත් පළා ගිය මෙම පිරිස සොයා පොලිසිය සහ යුද හමුදාව එක්ව ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් සිදුකරනු ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.

මේ අතර පොළොන්නරුව – ගල්ලෑල්ලව රෝහලෙන් පළා ආ බව කියන කොවිඩ් ආසාදිතයෙකුව 31 වැනිදා දහවල් හලාවත මාදම්පේ  දෙමටපිටිය ප්‍රදේශයෙන් සොයා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත්වී වි තිබේ .

මෙම 22 හැවිරිදි ආසාදිතයා වෙන්නප්පුව – සිරිගම්පල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම ආසාදිතයා මත්ද්‍රව්‍ය වලට සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතරතුර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරයි.

ඒ අනුව හමුවී ඇති එම ආසාදිතයා බන්ධනාගාර නිලධාරීන්ට භාර දීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කර ඇත.

තමන් පොළොන්නරුවේ සිට බස් රථයකින් කුරුණෑගලට පැමිණ එතැනින් නැවැත බස් රථයකින් හලාවතට පැමිණි බව ආසාදිතයා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් හමුවේ පවසා ඇත.

එම ආසාදිතයාව හලාවත සිට දෙමටපිටිය දක්වා කැදවාගෙන පැමිණි ත්‍රීරෝද රථ රියදුරා සහ ආසාදිතයාව රදවා ගෙන සිටි අයෙකුව ස්වයං නීරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කර ඇත.