නවතම පුවත්

පොහොට්ටුවට වැඩ පෙන්නන්න හිරේ ඉන්න රොයිස්ව එළියට ගන්න සැලැස්මක්

අසංක

අසංක

දම්පත් රණසිංහ

කටාන ආනන්දපුර පදිංචි සංචාරක ව්‍යාපාරයක් පවත්වා ගෙන යන කෝටිපති ව්‍යාපාරිකයකුට ගිනි අවි පෙන්වා බිය ගන්වමින් පැහැරගෙන ගොස් ඔහු සතුව තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා මැණික්, විදේශ මුදල් සහ රුපියල් කෝටියක් පමණ වටිනා වාහනය පැහැරගෙන පසුව එම ව්‍යාපාරිකයාගෙන් කෝටි 4 ක කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කිරීමකට සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතකර සිටින මීගමුව එජාප ආසන සංවිධායක සහ මීගමුව නගර සභාවේ විපක්ෂ නායක රොයින්ස් ප්‍රනාන්දු මහතාට ඇප ලබා ගැනීමට හැකිවන පරිදි ඔහුට එරෙහිව එල්ලකර ඇති ගිනි අවි චෝදනාව ඉවත්කරන ලෙස කටාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජපක්ෂට මීගමුව කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල කඩුපිටියගෙන් දැඩි බලපෑම් එල්ලවෙමින් ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

කපිල කඩුපිටිය යනු හිටපු ජනාධිපතිවරයෙක් වන ඩී.බී. විජේතුංගගේ පුද්ගලික ආරක්ෂකයෙක් ලෙස සේවයේ නිරතව සිටියෙකි.

පොලිස් තොරතුරු අනාවරණය කරන ආකාරයට අනුව රොයිස් බන්ධනාගාරගතව සිටීම ජනාධිපතිවරණ සටනේදී එජාපයේ සංවිධාන කටයුතු සදහා දැඩිව බලපෑ තිබේ.

පොහොට්ටුවේ සංවිධාන ශක්තිය හමුවේ එජාපයේ සංවිධාන කටයුතු බිද වැටී ඇති බැවින් රොයිස්ව මේ මොහොතේ එළිවට ගැනීමට ගිනි අවි ආඥා පනතින් ඔහුව ගලවා ගැනීම සූදානම් වන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

රොයිස් ප්‍රනාන්දු යනු පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකි.

ඔහුව විශේෂ කාර්ය බලකායෙන් නෙරපූ අයෙක් වන අතර මීගමුවේ ජුවෙල් ලංකා ජුවලරි කොල්ලයේද ප්‍රධාන සැකකරුවෙකි.

රොයිස් ප්‍රනාන්දුව කටාන පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නේ ඉකුත් ජූලි 07 වෙනිදාය.

ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙසට කටාන පොලීසියට දැඩිව බලපෑඹ් එලල්ලවී තිබුණත් පොලීසීය ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

මාස දෙකක් තිස්සේ පොලිසියට කට්ටි පනිමින් සිටි රොයිස්ව අත්අඩංගුවට ගන්නේ මීගමුව මුන්නක්කරය ප‍්‍රදේශයේ පිහිටි සුපිරි චීන අවන්හලකට දිවා ආහාර රැගෙන යෑමට පැමිණි අවස්ථාවේදීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්