පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරියක් හා පරාජිත අපේක්ෂකයෙක් ගුටි කෙලියකින් රෝහලේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

වැල්ලවත්ත විහාර මාවතේදී කොළඹ මහා නගර සභාවේ මන්ත්‍රීවරියක් සහ පරාජයට පත්වූ අපේක්ෂකයෙක් අතර ඊයේ (10) ගැටුමක් හටගෙන  දෙදෙනාම රෝහල්ගතව තිබේ.

වැල්ලවත්ත පොලීසිය සදහන් කළේ විහාර මාවතේ ග්‍රාමසේවා කාර්යාලය අසලදී මෙම ගැටුම හටගෙන ඇති බවය.

මන්ත්‍රීවරිය පිවිතුරු හෙළ උරුමය නියෝජනය කරයි.  කොළඹ මහා නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරගකර තේරීපත්වූ තැනැත්තියකි. පරාජයට පත්වූ අපේක්ෂකයාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ අයෙකි.

ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට මන්ත්‍රීවරිය ග්‍රාමසේවා කාර්යාලයට පැමිණි අවස්ථාවේදී දෙදෙනා එකිනෙකට මුණ ගැසී බහින්බස් වී ඇති බවත් අනතුරුව දෙදෙනා පාරට පැමිණ එකිනෙකාට පහරදී ඇති බවත් පොලීසිය කියයි.