නවතම පුවත්

ශ්‍රී ලංකාවේ උපත ලැබූ ආචාර්ය ජෝර්ජ් ගේබ්‍රියෙල් ධවල මන්දිරයේ් ජනපති කොමිසමකට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ධවල මන්දිර සාමාජිකත්ව ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ උපත ලද ආචාර්ය ජෝර්ජ් ඊ ගේබ්‍රියල් පත්කර තිබේ. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් එම පත්වීම සිදුකර ඇත.

මඩකලපුව ප්‍රදේශයේ උපත ලබා ඇති ජෝර්ජ්, කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා අනතුරුව අමෙරිකාවට සංක්‍රමණය වී තිබේ. ආචාර්ය ජෝර්ජ් ඊ. ගේබ්‍රියෙල් මහාද්වීප දෙකක වසර 40 කට වැඩි අත්දැකීම් සහිත ජීවිත කාලය පුරාම අධ්‍යාපනය ලැබූ සහ පර්යේෂණවල නියැලුණු අයෙකි.

ආචාර්ය ගේබ්‍රියෙල් අමෙරිකා-ශ්‍රී ලංකාව අතර අධ්‍යාපන හා සංස්කෘතික හුවමාරු වැඩසටහනක් වන ෆුල්බ්‍රයිට් වැඩසටහනේ ශිෂ්‍යත්වලාභියකු ලෙස වැන්ඩර්බිල්ට් විශ්ව විද්‍යාලයේ  ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඔහු පර්යේෂකයෙකු හා පරිපාලකයෙකු ලෙස අඩසියවසකට වැඩි කාලයක් ගත කර ඇත.

මෙම කොමිසම පුළුල් පරාසයක පසුබිම්, අත්දැකීම් සහ වෘත්තීන් නියෝජනය කරන අතරම ඇමරිකාවේ විවිධත්වය හා ශක්තිය පිළිබිඹු කරන කැපී පෙනෙන පුරවැසියන්ගෙන්  සමන්විත වන බව ධවල මන්දිරය නිවේදනය කර ඇත. ධවල මන්දිර සාමාජිකයින් ලෙස තෝරා ගැනීම සඳහා අපේක්ෂකයින් කණ්ඩායමක් ජනාධිපතිවරයා වෙත නිර්දේශ කිරීම මෙම කොමසාරිස්වරුන්ගේ වගකීම වන අතර එය නායකත්වය සහ රාජ්‍ය සේවය සඳහා වූ කීර්තිමත් වැඩසටහනක් වන අතර තරුණ ඇමරිකානුවන්ට ෆෙඩරල් රජයේ ඉහළම මට්ටම්වල සේවය කිරීමේ අත්දැකීම් ලබා දෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්