සුවිශේෂ යෝජනා කිහිපයක් පිලිබඳ සාකච්ජා කිරීම වෙනුවෙන් , ශ්රී ලංකා පොදු ජන පෙරමුණට අයත් සියලු පක්ෂවල නායකයින් සහභාගිවන පක්ෂ නායක රැස්වීමක් ලබන අඟහරුවාදා දින පැවත්වීමට නියමිත බව වාර්තාවේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්රීලනිපය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කල යුතු බවට වන යෝජනාවක් මෙහිදී විශේෂයෙන් ඉදිරිපත් වීමට නියමිත බවද වාර්තාවේ.
ඒ අනුව ශ්රීලනිපය හා පොදු ජන පෙරමුණ අතර පක්ෂ වශයෙන් සන්ධානයක් ගොඩනැගිය යුතු නැති බවටත් . ඒ වෙනුවට පොදු ජන පෙරමුණු ජනාධිපති අපේක්ෂකවරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ශ්රීලනිපය අවබෝධතා ගිවිසුමකට එළඹීම ප්රමාණවත් වන බවටත් වන යොජනාවක එදින රැස්වීම වෙත ඉදිරිපත්වනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කර සිටී.