පෞද්ගලික අංශයට 5000 දෙන්න  මැදිහත් වෙන්න 

Picture of Roshan

Roshan

– ජනපතිට ඉල්ලීමක්

අසංක නවරත්න
ජීවන වියදම ඉහළ යෑම නිසා රාජ්‍ය සේවකයන්ට දුන් රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයට ද ලබාදීමට මැදිහත් වන්නැයි ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් අන්තර් සමාගම් සේවක සංගමය ලිපියක් යොමු කර තිබේ.
රටේ ජීවන වියදම ඉහළ යන විට වැඩකරන ජනතාවට ලබාදෙන සහන සියලුම වැඩකරන ජනතාවට ලැබිය යුතු බව ඔවුහු පෙන්වා දෙති.
 රාජ්‍ය අංශයේ සේවකයාට ජීවත්වීමට අපහසුව නිසා රුපියල් 5000 ක දීමනාවක් ලබාදුන්නාක් මෙන්ම පෞද්ගලික අංශයේ සේකයාට ද එය ලබාදීම රජයේ වගකීමක් බවත් අන්තර් සමාගම් සේවක සංගමය කියයි.
රටේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් සියයට 80 කට පමණ සෘජු දායකත්වය සපයන සහ ශ්‍රම බලකායෙන් සියයට 80 ක් නියෝජනය කරන පෞද්ගලික අංශයේ සියයට 60 ක් පමණ රුපියල් 25,000 කට වඩා අඩු වැටුප් ලබන අය යැයි අන්තර් සමාගම් සේවක සංගමය පවසයි
 රුපියල් 5000 දීමනාව ලබාදීමෙන් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ නොසන්සුන්කාරී තත්වය සමනය කළ හැකි බව ද සඳහන් කරයි.