මෙරට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම මාසික වැටුප රු.12500ක් දක්වා ඉහළ නංවා තිබේ.
ඒ අනුව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම දිනක වැටුප රුපියල් 500ක් දක්වාත් ඉහළ යනු ඇත.
පසුගිය 16 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය ක්රියාත්මක විය යුතු බවට කම්කරු කොමසාරිස්වරයා විසින් නිල නිවේදනය නිකුත් කර ඇත.
මෙතෙක් පැවතියේ පෞද්ගලික අංශයේ ජාතික අවම මාසික වැටපු රුපියල් 10000ක් ලෙසත් දිනක අවම වැටුප රුපියල් 400ක් ලෙසත් ය.
මේ අනුව 2021 අංක 16 සංශෝධනයට අදාළව පසුගිය 20 වැනිදා මේ පිළිබඳ නිකුත් කරන ලද ගැසට් පත්රයේ දෙවැනි කොටසේ අතිරේකය ලෙස මෙය ප්රකාශයට පත්කොට ඇත.
ඉහත නියෝග පරිදි ජාතික අවම වැටුපට 2005 අංක 36 සහ 2016 අංක 04 දරණ අයවැය සහන දීමනා ද ඇතුළත් විය යුතු බවට කොමසාරිස්වරයාගේ නියෝගයේ දැක්වේ. ඒ අනුව වැටුප ගණනය කළ යුත්තේ පහත පරිදි ය.