පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරිමේ යෝජනාවක් නෑ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන බවට පළවන වාර්තා අසත්‍ය බව සම කැබිනට්

ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමන් එවැනි විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා

සළකා බලා නොමැති බවත් එවැනි යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බවත් ඔහු සඳහන් කළේය. මෙරට පෞද්ගලික රෝහලක් සහ

විදේශීය ආයතනයක් හා එක්ව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට සූදානම් බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් ඔහු මේ බව පැවැසීය.