නවතම පුවත්

බද්දේගම වනසන්න කලින් ප්‍රදේශවාසීන් පාරට බහී

අසංක

අසංක

ජනතා විරෝධය නොතකමින් සිදු කරන්නට යන කටුපොල් වගාවට එරෙහි උද්ඝෝෂණයක් අද උදෑසන බද්දේගම ඉඳිගස්කැටිය මංසන්ධියේදී පැවැත්විණි.

පෞද්ගලික වතු සමාගමක් විසින් සිදු කරන්නට යන මෙම කටුපොල් වගාව හේතුවෙන් මෙම ප්‍රදේශයේ ජෛව විවිධත්වයටත්, ජල මුලාශ්‍රවලටත් එල්ල විය හැකි  අහිතකර ප්‍රතිපල පිළිබඳව වගකිවයුත්තන් දැනුවත් කිරීමේ අරමුණින් බද්දේගම පරිසර සංවිධාන එකමුතුව විසින් මෙම විරෝධතාව සංවිධානය කරන ලදී.

අදට යෙදෙන පරිසර දිනයද තේමා කරගනිමින් බෞද්ධ සහ කතෝලික පූජකවරුද  ප්‍රදේශවාසීන් සහ ප්‍රාදේශීය නියෝජිතයෝ  රැසක්ද  මෙම විරෝධතාවයට සහභාගී වුහ.   

ශ්‍රී ලංකාවේ කටුපොල් වගාවේ වැඩිම බලපෑමක් ඇති දිස්ත්‍රික්කය ලෙස ගාල්ල දිස්ත්‍රික්කය හඳුනාගෙන තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ජල පෝෂක ප්‍රදේශ අදවනවිට කටුපොල් වගාවේ ගොදුරු බවට පත්ව ඇති අතර පාංශු ඛදනයත්, ශාක හා සත්ව විශේෂයන්ට වාසස්ථාන අහිමි වීමත්, එම වගාවට යොදන රසායනික පොහොර ජල මුලාශ්‍රවලට එකතු වීමෙන් වකුගඩු රෝග සහ පිළිකා රෝග ඇතිවීමේ අවදානමක්ද ගාලු දිස්ත්‍රික්කය පුරා පැතිරී තිබේ. 


ඉන්දුනීසියාව, මැලේසියාව ආදී රටවල බහුලව සිදුවූ කටුපොල් වගාව එම රටවල වන විනාශයට 50%ක පමණ බලපෑමක් කර ඇති බව පරිසරවේදීන්ගේ මතයයි.

අදවනවිට එම රටවල සීමා කර ඇති කටුපොල් වගාව ශ්‍රී ලංකාව වැනි නිවර්තන දේශගුණයක් ඇති රටවල ව්‍යාප්ත කිරීමට බහුජාතික සමාගම් කටයුතු කරමින් සිටින බවද පරිසරවේදීන්ගේ මතයයි.

පරිසර නීති සහ කම්කරු නීති පිළිබඳව කිසිදු සැලකීමක් නොකරන මෙවැනි සමාගම් අල්ලස් ලබාදීමෙන් සහ වරදාන වරප්‍රසාද ලබා දෙමින් ඇතැම් වගකිවයුතු පාර්ශ්ව සිය අවශ්‍යතා වෙනුවෙන් යොදා ගන්නා බවටද පරිසරවේදීන් චෝදනා කර සිටී.  

අදවනවිට ලෝකයේ දියුණු රටවල් ප්‍රතික්ෂේප කළ මෙවැනි වගාවන්වලට මේ රටේ ඉඩකඩ විවර කරදෙමින් විනාශ වෙමින් යන මෙරට පරිසර පද්ධතිය තවත් විනාශ කරන්නට දරණ ප්‍රයත්නය පිළිබඳව පරිසර ඇමැති ධුරය දරණ  ජනාධිපතිවරයාගේ වැඩි අවධානය යොමු විය යුතු බවත් බද්දේගම පරිසර සංවිධාන එකමුතුව අවධාරණය කර සිටී.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි