නවතම පුවත්

බදුර්නානා එවයි- මදුෂ් ‌වෙනත් තැනකට ‌‌ගෙනිහින්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ/ රමේෂ් වරල්ලෙගම

ඩුබායි රාජයයේ රදවා සිටි පාතාල නායක මාකදුරේ මදුෂ් ඔහු රදවා සිටි ස්ථානයෙන් වෙනත් ස්ථානයකට ගෙනගොස් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

මදුෂ් සහ බදුර් නානා එකම රැදවුම් මධ්‍යස්ථානයක රදවා තිබු අතර බදුර් නානා හෙට දිවයිනට එවීමට ඩුබායි බලධාරින් තීරණය කිරීමත් සමග මෙම සිදුවීම වී ඇතැයි එම ආරංචි මාර්ග ද කළම්බො එක්ස්ප්‍රස්වෙත තහවුරු විය.

බදුර් නානා ඩුබායි හි ගරාජයක් පවත්වාගෙන ගිය අයෙකු ලෙස සැළකෙන අතර ඔහු වසර 15කට ආසන්න කාලයක් ඩුබායි හි ජීවත්වු පුද්ගලයෙකි.

මදුෂ් ඇතුළු අත්අඩංගුවට පත්ව සිටි ශ්‍රි ලාංකිකයන් 31 දෙනාගෙන් මේ වනවිට 29 දෙනෙකු ලංකාවට ආපසු එවා ඇති අතර 30 වැනියා ලෙස බදුර් නානා හෙට දිවයිනට පැමිණෙයි.

ඒ අනුව මදුෂ් අවසන් වශයෙන් ලංකාවට පිටත්කර හරිනු ඇතැයි ඩුබායි ආරංචි මාර්ග සදහන් කරයි. කෙසේවෙතත් මෙතෙක් මදුෂ් රදවා තබන්නේ කොතැනද යන්න ගැන රහසිගත තත්ත්වයක් ඇතිව තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්