නවතම පුවත්

බන්ධනාගාර තදබදය අඩු කිරීම ලබන සඳුදා සිට අරඹන්න නීතිපති උපදෙස්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

කොවිඩ් වසංගතය හේතුවෙන් ඇතිවූ හදිසි තත්වයන් මත බන්ධනාගාර තුළ ඇති තදබදය කඩිනමින් අඩුකිරීම සඳහා දී ඇති උපදෙස් අනුව වැඩපිළිවෙළක් සකස් කොට ලබන සඳුදා සිට ක්‍රියාත්මක කරන්නැයි නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

මෙම නියෝගය දී ඇත්තේ අධිකරණ අමාත්‍යවරයා විසින් නීතිපතිවරයා හමුවේ කළ ඉල්ලීමක් සලකා බැලීමෙනි.

ඒ අනුව හෙට දිනට (3) පෙර එම වැඩපිළිවෙළ සකස් කර අවසන් කරන ලෙසට පොලිස්පතිවරයාට නීතිපති විසින් උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ වසංගත තත්වය හමුවේ මතු වූ බන්ධනාගාර තදබදය ඉක්මනින් අඩු කිරීමේ හදිසි තත්වයන් මත ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.

මත්ද්‍රව්‍ය පිළිබඳ වැරදිකරුවන් සදහා නඩු පැවරීම සහ ඇප මත මුදාහැරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මීට පෙර පොලිස්පතිවරයාට නිර්දේශ ඉදිරිපත් කර ඇතත් එය මෙතෙක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වී නොමැති බව කරුණු සොයා බැලීමේදී හෙළි වී ඇත.

ඒ අනුව ඊයේ අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන උපදේශක ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා සහ පොලිස් නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සහ ජේෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර යන මහත්වරු නීතිපතිවරයා හමුවී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

ලබන සඳුදා වන විට රක්ෂිත බන්ධනාගාරගත වූවන් හැකි පමණ ඇප මත නිදහස් කර යැවීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම සඳහා කටයුතු කළ යුතු බවට එකගතාව පළ විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්