බන්ධනාගාර නිළධාරීන්ගේ අක්‍රමිකතා දැනුම් දෙන්න අංකයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යම් බන්ධනාගාරයක නිලධාරියෙකු අක‍්‍රමිකතාවක් සිදුකරන්නේ නම් ඒ පිළිබද තමන්ට දැනුම් දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්

තුෂාර උපුල්දෙණිය සියලු  බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

011 46 77 100 යන දුරකතනය අංකයට අමතා හෝ ලිඛිතව හෝ නිර්ණාමිකව තමන් වෙත එම

අකටයුතුකම් පිළිබද දැනුම් දිමක් සිදු කරන ලෙසයි ඔහු සඳහන් කරන්නේ.

මීට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශයටද එම අක‍්‍රමිකතාවන්  පිළිබද  දැනුම් දිමක් සිදු කළ හැකි බවත් ඔහු සඳහන් කරයි.

දැනටමත් බන්ධනාගාර කිහිපයක උසස් නිලධාරීන් සිදුකළ අක‍්‍රමිකතා ගැන පැමිණිලි ලැබී ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කළ බවත් මෙහිදී ඔහු සඳහන් කළේය.