බම්බලපිටියේ මහල් 7කින් පැන්න සිසුවා ගැන  තතු රැසක් එළියට

Picture of Roshan

Roshan

* මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා

* ඒඩ්ස් ආසාදිතයි

* ඔහුම උඩින් පැනලා

දම්පත් රණසිංහ 
බම්බලපිටියේ නිවාස සංකීර්ණයක හත් වැනි මහලෙන් බිමට වැටී මියගිය සිසුවාගේ සිරුරේ අයිස් නැමැති මත්ද්‍රව්‍ය ශරීරගතව ඇති බව හෙළිවී තිබේ.
එසේම මෙම සිසුවා ඒඩ්ස් ආසාදිත බව ද තහවුරු වී ඇත.
මරණය සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මේ බව අනාවරණය වී ඇත.
සිසුවා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි ව සිට ඇති බව ඒ සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනවල දී පෙනීගොස් තිබේ .
තට්ටු ගොඩනැගිල්ලේ ආරක්ෂක කැමරා පද්ධතිය පරික්ෂා කිරීමේදී සිසුවා ඉහළ මහලට ගමන් කරන අයුරු පෙනී යන බවද පොලීසිය කියයි.
එසේම වෙනත් පුද්ගලයෙක් ඔහු පසු පසින් ගමන් කිරීමක් හෝ ඉහළ මහලේ රැඳී සිටින බවක් අනාවරණය නොවන බැවින් සිසුවා බිමට පැන ඇති බව පෙනී යන්නේ යැයි ද පෙනී ගොස් තිබේ.
මෙම සිසුවාගේ පියා ව්‍යාපාරිකයෙක් වන අතර මව ගෘහණියකි.
මෙම සිසුවා එම පවුලේ එකම දරුවා ය. ජාත්‍යන්තර පාසලක ඔහු අධ්‍යාපනය ලැබීය.
මෙම දරුවා ඇසුරු කර සෙසු මිතුරන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පැවැත්වේ.