බස්නාහිර පළාතේ කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත හා නිවෙස් ප්‍රතිකාර සදහා යොමු කිරිමට අද(19) සිට නව ක්‍රමවේදයක් හදුන්වා දී ඇත
ඒ අනුව රෝගීන්ගේ විස්තර ඇතුළත් කෙටි පණිවිඩයක් 1904 දුරකතන අංකයට යොමු කළ යුතුවේ..
එම කෙටි පණිවිඩයෙන් රෝගියාගේ රෝගී තත්ත්වයේ ස්වභාවය, වයස, ජාතික හැඳුනුම්පත් අංකය, ලිපිනය යන විස්තර දැනුම් දිය යුත .
රෝගි තත්ත්වයේ ස්වභාවය දැනුම් දීමේදි ස්වසන අපහසුතා ඇති රෝගීන් A ලෙසත් උණ තත්ත්වයෙන් පෙලෙන රෝගීන් B ලෙසත් කිසිදු රෝග ලක්ෂණයක් නොමැති රෝගීන් C ලෙසත් සඳහන් කළ යුතු ය ..
උදාහරණයකට ඔබ ස්වසන අපහසුතා ඇති රෝගියෙක් නම් A යනුවෙන් සටහන් කර හිස්තැනක්(Space) තබා වයස සඳහන් කර හිස්තැනක් තබා ජාතික හැදුනුම්පත් අංකය සඳහන් කර හිස්තැනක් තබා ලිපිනය සඳහන් කර 1904 ට යොමු කළ යුතුය.
උදාහරණය –
A(Space)වයස(Space)ජාතික හැඳුනුම්පත් අංකය(Space)ලිපිනය – යවන්න(Send) 1904
කෙටි පණිවිඩ මගින් ලැබෙන තොරතුරු කොවිඩ් 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිම සඳහා වෛද්‍ය කණ්ඩායම් වෙත දැනුම් දෙනු ඇත.
රෝගීන් සපයන තොරතුරු වර්ගීකරණයෙන් පසු 247 දුරකතන අංකය මගින් ඔවුන් සම්බන්ධ කොට රෝගී තත්ත්වය නිෂ්චය කර ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරන බව ද නව වැඩපිළිවෙළ පිළිබඳ පැහැදිලි කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ප්‍රතිකර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සඳහා ගිලන් රථ සේවා මෙන්ම සෙසු පහසුකම් ද සපයන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.