නවතම පුවත්

සති තුනකට රට වහන්න – ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂවලින් යෝජනාවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අවම වශයෙන් සති 03 කට රට අගුළු දමන(Lockdown) ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත .
ජනාධිපතිවරයා  වෙත ලිපියක් යවන එම පක්ෂ 10 පෙන්වා දෙන්නේ, අවම වශයෙන් සති තුනක රට අගුළු දැමීමෙන් තොරව කොරෝනා රෝගීන් ගණන රෝහල් පද්ධතියට දැරිය හැකි මට්ටමට පහත හෙලීමට නොහැකි වන බව තමන්ගේ විශ්වාසය බවය.

අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සමග ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා , ලංකා සම සමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා, ජාතික නිදහස් පෙරමුණේ අමාත්‍ය විමල් වීරවංශ මහතා , පිවිතුරු හෙළ උරුමයේ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා , ජාතික කොන්ග්‍රසයේ ඒ එල් එම් අතාවුල්ලා මහතා , එක්සත් මහජන පක්ෂයේ ටිරාන් අලස් මහතා , ශ්‍රී ලංකා කොමියුනිස්ට පක්ෂයේ වෛද්‍ය ජී වීරසිංහ මහතා , ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න මහතා සහ යුතුකම ජාතික සංවිධානයේ ගෙවිදු කුමාරතුංග යන මහත්වරුන් මේ ලිපියට අත්සන් කර තිබේ.

ආණ්ඩුවේ මෙම හවුල්කාර පක්ෂ 10 පෙන්වා දෙන්නේ , අවම වශයෙන් සති 3ක් රට අගුළු දැමීමෙන් දැනට ඉහළ යන ආසාදිත චක්‍රය බිද දැමීමට හැකිවන බවය.

වර්තමානයේ රට විවෘතව තිබුණත්, නිරෝධායනය වෙන සහ රෝගයට බියෙන් තැති ගත් අධික පිරිස හමුවේ රට අකර්මන්‍ය වී ඇතැයි ඔවුන් ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් පෙන්වා දී තිබේ.

රෝගය පාලනය කළ විට ඔවුන් විශ්වාසයෙන් නැවත ආර්ථික ක්‍රියාවලිය සමග මුසුවනු ඇති බව ආණ්ඩුවේ හවුල්කාර පාර්ශව 10 ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් ය.

එමෙන්ම ඔවුන් ජනාධිපතිවරයාට යෝජනා කරන්නේ , මෙය ජාතික ආපදාවක් බැවින් ඊට මුහුණ දීම සඳහා සර්ව පාක්ෂික යාන්ත්‍රණයක් සැකසිය යුතු බවය.

ඊට උපදෙස් දීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගේම ආර්ථික ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් සකස් කළ යුතු බවට ද ඔවුන් යෝජනා කර තිබේ .

No description available.

No description available.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්