නවතම පුවත්

බස්නාහිර පළාතේ කොවිඩ් ව්‍යාප්තිය අවදානම් තත්ත්වයක – ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ජනපතිට දැනුම් දේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බස්නාහිර පළාත තුල පවතින කොවිඩ් ව්‍යාප්තිය අධි අවදානම් තත්ත්වයකට ලඟා වෙමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප්‍රකාශ කර සිටි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් මේ බව දැනුම් දී ඇත

මේ වන විට රෝහල්වල ඇති දැඩි සත්කාර ඒකක මෙන්ම සාමාන්‍ය වාට්ටු ද කොවිඩ් ආසාදිතයින්ගෙන් පිරි පවතින පසුබිමක දැඩි ලෙස ගිලන්ව සිටින කොවිඩ් ආසාදිතයින්ට නිසි ප්‍රතිකාර ලබාදීමට සුදුසු වෛද්‍ය පහසුකම් අවම මට්ටමක පවතින බවද  ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සිය ලිපිය මගින් පෙන්වා දී ඇත

මේ අතර දැනට සිඝ්‍රයෙන් කොවිඩ් වෛරස ව්‍යාප්තියට හේතුව ලෙස ඩෙල්ටා ප්‍රභේදය හේතුව වී ඇති බවද  ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහන් කර සිටි.

දැනට බස්නාහිර පළාත තුල සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ඉතා කෙටි කලක් තුලදී දිවයිනේ සෙසු පළාත් තුල ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවට එම සංගමය සිය ලිපියෙන් පෙන්වා දී තිබෙ.

මහජන ඒකාරාශිවීම් අවම කිරීම, නිසි ලෙස මුව ආවරණ පැළඳීම, විෂබීජ නාශක දියර මගින් අත් පිරිසිදු කර ගැනීම සහ සමාජ දුරස්ථභාවය තබා ගැනීම වැනි කරුණු මගින් පමණක් වෛරස ව්‍යාප්තිය අවම කර ගත හැකි බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පෙන්වා දෙන්නේ.

පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරිම, සමාජීය උත්සව, විනෝදාස්වාද ස්ථාන විවෘත කිරීම, පොදු ප්‍රවාහන සේවා භාවිතය, ආගමික ස්ථාන විවෘත කිරිම සහ කාර්යාල සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම වැනි කටයුතු සඳහා පනවා තිබු සීමා ලිහිල් කිරිමට ඉඩ දීම තුලින් වත්මන් කොවිඩ් ව්‍යාප්තියට මුලික හේතුව වී ඇති බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහන් කර සිටි.

වසංගත තත්ත්වය හමුවේ ඉදිරි පෙළ සිටින සෞඛ්‍ය අංශ සාමාජිකයින් ද ආසාදිතයින්ට ප්‍රතිකාර කිරිමට යාමේදී ආසාදිතයින් බවට පත්වීමේ අවස්ථා වාර්තා වන බැවින් ඉදිරියේ දී සෞඛ්‍ය යාන්ත්‍රණය ද කඩා වැටීමේ අවදානමක් ඇති බව එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙ.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි