මෙම වසරේ මෙතෙක් දිවයිනපුරා ඩෙංගු රෝගීන් 7453 දෙනෙක් හඳුනාගෙන ඇති අතර එම ඩෙංගු රෝගීන්ගෙන් 3935 දෙනෙක්ම හමුවී ඇත්තේ බස්නාහිර පළාතෙනි.
බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ අද දවසේ දත්තයන්ට අනුව මෙම වසරේ මෙතෙක් හදුනාගත් සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 52.8 ක්ම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.
2021 වසරේ ජනවාරි මාසය වන විට බස්නාහාර පළාතින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 3278 දෙනෙකි. 2020 වසරේ ජනවාරි මාසයේ එම ගණන 408කි. ඒ අනුව පෙනී යන්නේ බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළයාමක් මේ වන විට සිදුවෙමින් පවතින බවය.
බස්නාහිර පළාත තුළින්ද වැඩියෙන්ම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ කොළඹිනි. එම ගණන 1867 දෙනෙකි. දෙවැනියට වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තාවී ඇත්තේ ගම්පහින් වන අතර එම ගණන 1477 දෙනෙකි. කළුතරින් වාර්තා වී ඇත්තේ රෝගීන් 591 දෙනෙක් පමණි.
මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ වැඩියෙන්ම ඩෙංගු රෝගීන් හමුවී ඇත්තේ මොරටුවෙනි. එම ගණන 40 ක් වන අතර දෙවැනියට වැඩියෙන්ම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ ගොතටුවෙනි. එම ගණන 33 කි. මහරගමින් 31 දෙනෙක්ද, බත්තරමුල්ලෙන් 26 දෙනෙක්ද, රත්මලානෙන් 23 දෙනෙක්ද වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ මීගමුවෙනි. එම ගණන 63 කි. දෙවැනියට වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් ගම්පහින් වාර්තා වී ඇත්තේ කැලණියෙන් වන අතර එම ගණන 29 කි. වත්තලින් 28 ක්ද, අත්තනගල්ලෙන් 25ක්ද ගම්පහින් 25 ක්ද වශයෙන් මෙම මාසය තුළ මෙතෙක් ඩෙංගු රෝගීන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.
කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ බේරුවලිනි. එම ගණන 30 කි. ඊට පසුව වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ කළුතරය. එම ගණන 22කි. අනතුරුව පානදුරින් 21 ක්, හොරණින් 10 ක් සහ වාද්දූවෙන් 08 ක් වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී තිබේ.