පැතුම් වික්‍රමරත්න
බස්නාහිර පළාතේ පාසැල් පෙබරවාරි මස 15 වෙනිදා විවෘත කිරීමේ තීරණය අවලංගු කළ බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් ප්‍රකාශ කර සිටි.
ඒ අනුව දිවයිනේ සියලු පාසැල් මාර්තු 15 වෙනිදා විවෘත කරන බව ඒ මහතා ඊයේ (10) මාධ්‍ය වෙත පැවසීය .
ඊයේ දිනයේදී අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ පවත්නා සමස්ත පාසැල් සංඛ්‍යාව 492ක් ඇති බවත් ඉන් 412ක් පෙබරවාරි මස 15 වෙනිදා සිට ආරම්භ කිරිමට කිසිදු ගැටළුවක් නොවන බවත්ය.
කෙසේ වෙතත් එම තීරණය වෙනස් කර බස්නාහිර පාසල් 492කම ලබන මාර්තු 15 විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ඊයේ (10) තීරණය කර ඇත .